ජංගම සිංහල

මේ ස්මාට් දුරකථනවල තියෙන සිංහල යතුරු පුවරු සහ ලිවීමේ මෘදුකාංග සේරම අන්තිම බාල තත්වයේ ඒවා. සමහර ඒවගෙන් 'සිංහල' කියලා ටයිප් කරගන්නත් බැහැ! තවත් ඒවාට 'වෘත්තීය' කියලා ලියන්න අකුරු මදි. තවත් සමහර මෘදුකාංග අපට අනවසරයෙන් breaking news එවන්න ඉදිරිපත් වෙනවා. මේ හැම මෘදුකාංගයක් පසුපසම තියෙන ඉදිරිදැක්මේ ලොකු ඌනතාවක් මට පේනවා. ඒකෙන් මෘදුකාංග නිර්මාපකයින් අපේ භාෂාව ගැන දරන ආකල්පය අනාවරණය වෙනවා. ඒ තමයි ඔවුන් හැමෝම සිංහලෙන් ලිවීම සලකන්නේ අත්‍යවශ්‍ය නොවන, වෘත්තීය නොවන හා පුළුවන් නම් නොකර හිටියත් කමක් නැති 'සෙල්ලම් වැඩක්' වැඩක් හැටියට.

සිංහලෙන් ඉතා පරිපූර්ණ අන්දමේ ප්‍රකාශනයක යෙදීම දැවෙන අවශ්‍යතාවක් බව පිළිගන්නා මෘදුකාංග නිර්මාපකයෙක් හෝ ආයතනයක් අතින් නම් මීට වඩා වෙනස් හා උසස් දෙයක් හැදෙන්න ඉඩ තිබුණා. ඒත් දැනට තියෙන තත්වය ඕකයි.

LEARN to Zoom (Don't if you can!)

I don't have enough palms to facepalm at this: LEARN has a paid Zoom subscription (https://learn.zoom.us/), so each member institution will get to use it for free. That means practically all university students and teachers. Local ISPs won't charge for data used through this subscription.

And now they are in the process of deploying a plugin that integrates this with Moodle.

Most interestingly, they have some wiki pages providing instructions on how to use Zoom for various purposes. See https://ws.learn.ac.lk/wiki/ZoomInstWorkshops/zoomguide/signin and https://ws.learn.ac.lk/wiki/ZoomInstWorkshops

Looking at the page histories, they've had this (including the paid subscription) going for at least 9 months. Now pushing hard to implement it everywhere.

One of their 'webinars' : Webinar on Zoom Video Conferencing for Research and Education

LEARN’s Support for the Challenges of COVID-19 : http://www.learn.ac.lk/covid-19

They could have used a similar plugin to integrate Jitsi meet with Moodle. And they could have provided a much better and robust solution with local installations of Jitsi meet. But they already had plans with Zoom. I believe they are going to introduce a similar setup through Schoolnet too.

I have been very naive to say the least, to expect that my friends and their departments will continue to enjoy the relative autonomy they used to have. Unfortunately, they are at the bottom, at the the end-user level of this decision making structure. Not many seem to have the courage to raise their voices in defense of their software freedom, privacy and security. Another sad thing that is likely to happen with an unexamined default like this is that it will be the natural choice for all sorts of other work; group calls among friends and family, community events etc, because it is already there in your phone or laptop.

වසංගත දිනපොත (1)

සමාජ දුරස්ථභාවය කියන පදය අද සිංහල කතා කරන වැඩි දෙනෙකුට තේරෙනව ද? ගමේ අත්දැකීම අනුව මට පේන්නේ ඒක තේරුම්ගන්න අමාරු පදයක් බව යි. තේරිය යුතු දෙයක් වීම සහ තේරුම් යාම අතර ලොකු පරතරයක් තියෙනවා. අනිත් අතට මීටරයක් ඈතින් ඉන්න කිව්වත්, මීටරය දන්නා අයත් එච්චර නෑ. මේක විහිළුවක් නෙමෙයි. 'බඹයක් දුරින් හිටපල්ලා' කිව්වොත් විතරක් තේරෙන අය ඉන්නවා. ඒ වගේ ම මේ දුරින් ඉඳීම දැන් පැතිර යන රෝගයෙන් බේරීමේ මඟක් බව දන්නා අයගේ හිගයකුත් පේනවා. ගම්බද ජනතාවට විශ්වසනීය පුවත් මූලාශ්‍ර අඩු යි. ෆේස්බුක් වැනි දේවල් ගැන යම් හුරුවක් ඇති අයට වුණත් ඒ අඩවිවල සැරිසරා වැදගත් තොරතුරක් හොයාගන්නා විදිහ ගැන අවබෝධය අඩුයි. මේ වර්ගයේ සමාජ ජාල කොහොමත් විකාර සහගත ඇල්ගොරිතම්වලින් අවුල් කරලයි තියෙන්නේ. ඒ නිසා කාලානුක්‍රමික පිළිවෙලකට අලුත් ම තොරතුරු ලබාගැනීම සෑහෙන අභියෝගයක්.

ඇඳිරි නීතිය ඉවත් කරන දිනවලට මේක විශේෂ ගැටලුවක් බවට පත් වෙනවා. රූපවාහිනිය හා ගුවන්විදුලිය සිය ප්‍රවෘත්ති විකාශවල ප්‍රධාන වශයෙන් කරන්නේ ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ 'සාර්ථකත්වය' හුවාදැක්වීම යි. ඊට අමතර ව පොලිස් හා හමුදා වැටලීම් වාර්තා කිරීමට ඔවුන් සමඟ යාම, කොරෝනා ආසාදිතයින්ගේ නිවාස පිහිටි වීදි දිගේ ඩ්‍රෝන් කැමරා පියාසර කරවීම වගේ වැඩත් ජාතික මාධ්‍ය ආයතන තම කාරිය හැටියට සලකන බව පේනවා. ඇයි වර්ගවාදය ඇවිස්සීම? ඒකත් සෑහෙන ප්‍රමුඛතාවක් දී ඇති වැඩක්. ලෙඩා මුස්ලිම් නම් ප්‍රවෘත්තිවල 'ඇත්ත' දෙගුණ තෙගුණ වෙනවා. 'පැත්ත ගියත් ඇත්ත කියන්න' ඉතා උද්‍යෝගයෙන් ඉදිරිපත් වෙනවා. ඒත් හෙට ඇඳිරි නීතිය ඉවත් කරනවා නම් අද ප්‍රමුඛත්වය දිය යුත්තේ දැනට පවතින තත්වය ගැන ඇත්ත කීමට හා හෙට දිනයේ අනුගමනය කළ යුතු හොඳ ම පියවර හැකි තාක් අවධාරණයෙන් ජනතාවට පැහැදිලි කිරීමට යි. ජනතාව ආරක්ෂා කරගත හැක්කේ ඇත්ත කීමෙන් හා ඒ ඇත්ත හැකිතාක් හොඳින් සන්නිවේදනය කිරීමෙන් පමණ යි.

ඉතින් ගමේ උදවිය කඩපොලවල ටැග්ගැහෙනවා. මගතොටේ රංචු පිටින් ගමන් යනවා. පාරේ අනිත් පැත්තෙන් යන හිතවතුන් දැක්කාම 'ඉතින් ඉතින්?' කියන්න පණ කඩාගෙන පාර පැනගෙන ළඟටම යනවා. සමහරු අහල පහළ ගෙවල්වලට, නෑදෑයින් ළඟට යන්න මේක හොඳ අවස්ථාවක් හැටියට සලකනවා. හය වැනිදා ඇඳිරි නීති විරාමයේ දී කඩේ ගිහින් ඇවිත් බඩු අස් කරමින් ඉන්නා අතර දොරේ සීනුව වදිනවා ඇහුණා. බලනකොට ගම් දෙකකට එහා කෙනෙක් දොර ළඟ. මට එක පාරට හිතුණේ කාට හරි කරදරයක්, එහෙමත් නැත්නම් මුදල් හදිසියක් වෙලා කියලා. ඒත් වාසනාවකට එහෙම දෙයක් නෙමෙයි. ඔහු ඇවිත් තිබුණේ ගෙදර හිඳපු පොල් තෙල් බෝතලයක් දීලා යන්න! එතරම් හොඳ සෞඛ්‍ය තත්වයක නැති අප්පච්චී ළඟට ගොස් අතට ම බෝතලය දුන් ඔහු ආ ගිය තොරතුරු කතා කළා. ඇඳිරි නීතිය නොතිබ්බා නම් මීට කලින් එන බවත් සහතික කෙරුවා. මේ සේරම සිද්ධ වෙන්න තත්පර තිහක් වත් ගියේ නෑ. ඔය කියන සමාජ දුරස්ථභාවය ගැන කිසිම දෙයක් අපේ හිතවතා දැනගෙන හිටියේ නැහැ. තවත් ගෙවල් දෙකතුනකට වත් ඔහුගේ පොල් තෙල් දානය ලැබෙන්න ඇති. යුද්දෙ දිනපු ආණ්ඩුවට මේක ලොකු දෙයක් නොවන බව රූපවාහිනිය නරඹා හොඳින් දැනුවත් වී සිටි මගේ අප්පච්චී 'එයා කවදත් මෙහෙ ආපු කෙනෙක්නේ. එයාගෙන් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ' කියමින් මගේ බිය සැක දුරු කළා.

Work from home and conduct your classes with Jitsi meet!

Well, not only classes. Your office meetings, your workshops, discussions and much more. The following text is based on an email I sent to my friends who are university teachers.

If you are in a hurry to start a video conference, scroll down and read section C! Read the entire article for a short introduction to Jitsi meet.

Remember the CCTV drama at Kelaniya? I know all of you were outraged when the administration decided to install surveillance cameras within university premises.

I am very concerned and worried about the installation of many thousands of surveillance cameras (one-per-person) under the guise of introducing Zoom (and Skype, Google hangouts and similar malicious platforms) to our universities, schools and offices. It must be demanded that all teleconferencing and remote working platforms must be free and open source. People (students, teachers, office employees and the general public) should be able to inspect these software and know what they actually do. No public institution should open gates to proprietary platforms that are often used for surveillance.

(A) Jitsi meet is one of the most reliable video conferencing platforms I have used. A combination of email, Moodle and Jitsi meet can be highly recommended for educational settings that undergo transition during this lockdown period. We have to be realistic about our assessments because our attempt here is to build some sort of a bridge between the existing systems and a wide variety of work-from-home setups that are popping up right now. Most of our offices are not remote work-friendly environments. Almost all of our university and school courses are not designed for remote learning. Office workers, teachers and students now seek the most practical and least expensive solutions to keep the existing system running.

Jitsi is completely free and open source, which makes it relatively immune to backdoors or malicious mechanisms that pave way to security threats and privacy violations. Users and peers can review its code and see if there are vulnerabilities. Unlike Zoom, Skype and other closed-source proprietary platforms, Jitsi has been proved to be a solid and robust solution for places where privacy matters. Please visit this website to read more about Jitsi: https://jitsi.org .

(B) Using Jitsi meet

A user can run their own Jitsi meet server or use one of the public servers run by various entities. Sri Lankan government has now deployed a server at https://meet.gov.lk for the state/governmental sector. There is a very trustworthy public instance provided by Jitsi developers at https://meet.jit.si (This is the one I use most of the time). I participated in a public discussion hosted by someone in Amsterdam the other day, and he used a jitsi instance run by Hivos : https://jitsi.hivos.org/ There are many other individuals and organizations that run their own Jitsi meet servers. Here's a list (and lists of lists) of public jitsi servers anyone can use: https://jitsi.github.io/handbook/docs/community/community-instances

The ideal solution for Sri Lankan universities would be deploying their own jitsi servers. And the government can make arrangements with ISPs to provide "free data" for students and staff who use these servers. But for the time being they can use a public server like https://meet.jit.si . This is somewhat similar to using wordpress.com for blogging. But the difference here is that you don't create accounts!

(C) Start a conference call right now!

0) The best thing is that you don't need to create an account! There are no user accounts.

1) No need to install new software. Just visit the page https://meet.jit.si using a web browser. This is where you create your meeting space. To do this, you should simply enter a name for your meeting and proceed. (Example name: HogwartsDarkArts). Using a web browser on a laptop/desktop gives more options and space for classroom activities as shown in the rest of the steps. Alternatively, you can install jitsi meet mobile app (search for 'jitsi meet' in the app store) and follow the same steps to create a meeting. Your options are somewhat limited with the mobile app. But I know some people in Colombo even take part in Yoga classes using the mobile app!

2) Then you will be prompted to activate your microphone and camera. You can enter a meeting without activating the mic or camera, if you wish to do so. But this will prevent you from being able to talk. When you are inside the meeting you can temporarily mute the mic and disable the camera, depending on your need.

3) There are four quality levels. This helps a lot if you are having bandwidth problems. Lowest level is audio only. But it is good enough to listen to or interact with a lecture. These options can be found at the bottom right corner of the screen.

4) Move your mouse over to the bottom of the screen and you will see a couple of additional options such as

-- a chat panel on the side
-- a screen sharing facility that can be used when doing a presentation
-- 'raise hand' to indicate that you have a question or you want to speak.

5) You can create a password to the meeting to prevent uninvited people from entering. This option can be found when you click on the "!" icon on the bottom right corner.

5) To invite others to participate in the class, let the others know the name you gave. In this case 'HogwartsDarkArts' or share the entire address of the room : https://meet.jit.si/HogwartsDarkArts

They should either enter this name HogwartsDarkArts or the address https://meet.jit.si/HogwartsDarkArts at the entrance. Or visit this address https://meet.jit.si/HogwartsDarkArts using a web browser.

6) Bottom right corner has several other options such as

-- Change user settings
-- Start recording the session
-- Live streaming on YouTube,
-- Blur the background
-- Share a YouTube video

7) These meetings are ephemeral. The room will be dissolved once everyone exists the call making sure no one will see the meeting/classroom unless the participants decide to record it themselves while it is happening.

8) Please see the attached images for some of the steps. In this example I have deactivated my camera and mic. And I am the only person in this meeting waiting for the others to arrive.

(D) NOTES and LINKS: There are other free and open source solutions specially tailored for classroom work, such as BigBlueButton. They can be installed on your own server. I am promoting Jitsi meet, Moodle and email because these are platforms I have already tested and used. If you have time and resources, don't hesitate to explore some of the other available options too:

-- A Zoom Flaw Gives Hackers Easy Access to Your Webcam

-- Zoom iOS App Sends Data to Facebook Even if You Don’t Have a Facebook Account

-- Zoom Meetings Aren’t End-to-End Encrypted, Despite Misleading Marketing

-- Beware of ‘ZoomBombing’: screensharing filth to video calls

-- New York Attorney General Looks Into Zoom’s Privacy Practices

  • If you are interested in running your own Jitsi server:

-- You can help! Deploy your own Jitsi Meet instance now https://jitsi.org/blog/make-it-live-with-video/

-- Jitsi Videobridge Performance Evaluation https://jitsi.org/jitsi-videobridge-performance-evaluation/

-- Using Jitsi Meet for self-hosted video conferencing https://puppet.com/blog/using-jitsi-meet-for-self-hosted-video-conferencing/

-- Jitsi Meet Security & Privacy: Fully secure you say… What does this mean exactly? https://jitsi.org/security/

-- Jitsi : This is what end-to-end encryption should look like! https://jitsi.org/blog/e2ee/

මළ මිනිසුන් ගැන ය

නොමියෙන මිනිසුන්ගේ විවාදය
මළ මිනිසුන් ගැන ය
වැළලීම වරදකි
ඇතැමෙක් කියති
ආදාහනය වරදකි
තවෙකෙක් කියති

'ඉඩක් නැත මළවුන්ට
අපේ මේ සුසානය තුළ
වැළකිය යුතු ය
උන් යන අවසන් ගමන
අපේ මේ අරගලය
දිව සැප පිණිස නොව
නොමියෙන සියලු මිනිසුන්ගේ
හිත සුව වෙනුවෙනි'

නොමියෙන මිනිසුන්ගේ විවාදය
මළ මිනිසුන්ගේ ආගම ගැන ය

එහද නැවතී ඇත
ඊයේ උදේ වනතුරු ගැහුණු
එයින් නැඟි හඬ
සීහළ ද දමිළ ද මුස්ලිම් ද දැනගනු
ඒ දැනුමෙන් මැ පමණකි
මෙදිවයින සුරපුරක් කළ හැක්කේ

නොමියෙන මිනිසුන්ගේ විවාදය
මරා දැමුණන්ගේ මරුවන් ගැන ය

'සමහරක් ජීවිත
අනිත් ජීවිතවලට වැඩියෙන්
අගනේ ය වටනේ ය දහසින්
ඒ ඇගැයුම ම ගැනුමෙනි
සාමය-සමාදානය
දස දෙස වපුළ හැක්කේ.'

'වරද යනු මිනිස් ගතියකි
සමාව දීම දේව ගුණයකි
මෙය රුවන් වැකියකි
කීකරු ළමෝ අනුයති.'

බලයට එරෙහි ව පියවර - බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

කවුනර් මහතා නමැති සිතීමේ යෙදෙන මිනිසා ශාලාවක් තුළ විශාල ශ්‍රාවක සමූහයක් අබියස බලයට එරෙහි ව අදහස් දක්වමින් සිටි අතර, ඔහු ඉදිරියේ උන් ජනයා හැකිළෙමින් පස්සෙන් පස්සට යමින් පිට වී යනු ඔහුට පෙනුණා. ඔහු වටපිට බලද්දී තමන් පසුපසින් බලය හිටගෙන ඉන්නා අන්දම දැක්කා.

"මොකද්ද ඔබ කියමින් හිටියෙ?" බලය ඔහුගෙන් ඇහුවා.

"මම බලය වෙනුවෙන් කතා කරමිනුයි හිටියෙ" කවුනර් මහතා පිළිතුරු දුන්නා.

කවුනර් මහතා ශාලාවෙන් පිට වුණු පසු ඔහුගේ ශිෂ්‍යයෝ ඔහුගේ පිටකොන්ද ගැන ප්‍රශ්න කෙරුවා. කවුනර් මහතා පිළිතුරු දුන්නා: "මට කැඩෙන්න පිටකොන්දක් නෑ. මම තමයි බලයට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න තියෙන කෙනා."

ඉන් පස්සේ කවුනර් මහතා පහත දැක්වෙන කතන්දරය කිව්වා:

"නීතිවිරෝධීත්වය තිබුණු කාලේ එක දවසක්, නෑ-බෑ කියන්න ඉගෙනගෙන හිටපු මිනිහෙක් වුණු එගර්ස් මහතාගේ ගෙදරට ඒජන්තයෙක් ඇතුළු වුණා. ඒජන්තයා, නගරය පාලනය කළ උදවියගේ නාමයෙන් සකසා තිබුණු ලියවිල්ලක් පෙන්නුවා. එයින් කියවුණේ ඔහු පය තබන ඕනෑ ම ගෙදරක් අයිති වන්නේ ඔහුට බව යි; ඒ විදිහට ම ඔහු ඉල්ලා සිටින ඕනෑ ම කෑමක් අයිති වුණේ ඔහුට යි; ඒ විදිහට ම ඔහු දකින ඕනෑ ම මිනිහෙක් ඔහුට සේවය කළ යුතු වුණා.

ඒජන්තයා පුටුවක වාඩි වුණා, කෑම ඉල්ලුවා, ඇඟ හෝදාගත්තා, ඇඳේ හාන්සි වුණා, ඊට පස්සේ ඔහු නින්දට වැටෙන්න කලින්, ඔහුගේ මුහුණ බිත්තිය දිහාවට හැරී තියෙද්දී ඇහුවා: "ඔහේ මගේ සේවකයා වෙනවද?"

එගර්ස් මහතා ඒජන්තයාව පොරෝනාවකින් වැහුවා, මැස්සන් එලෙව්වා, නින්දේ දී ඔහුව බලාකියාගත්තා, ඒ වගේම මෙදා කළ විදිහට ම අවුරුදු හතක් තිස්සේ ඔහුට කීකරු ව හිටියා. ඒත් ඔහු තමන්ට මොනවා කළත් එක දෙයක් නොකරන්න එගර්ස් මහතා ප්‍රවේසම් වුණා: වචනයක් වත් කතා කිරීම. දැන්, අවුරුදු හත ගෙවී ගියාට පස්සේ, ඒජන්තයා මේ සියලු කෑමෙන්, නින්දෙන් හා විධාන දීමෙන් මහත් වූ විට, ඔහු මිය ගියා. ඉන් පසු එගර්ස් මහතා කඩමාලු වී ගිය පොරෝනාවෙන් ඔහුව ඔතා ගෙදරින් එළියට ඇදගෙන ගොස් දමා, ඇඳ සෝදා, බිත්ති හුනු ගා පිරියම් කර, ගැඹුරු හුස්මක් ගෙන පිළිතුරු දුන්නා: "බෑ."


මාර්ටින් චාමර්ස් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ Stories of Mr. Keuner කෘතියෙහි ඇතුළත් Measures against power නමැති දෘෂ්ටාන්ත කතාවේ සිංහල පරිවර්තනයක්. සිංහල පරිවර්තනය - ලොහාන් ගුණවීර

On self-hosting and social media

If your social media profile1 ran on a server you personally own and manage, you are unlikely to post the kind of garbage you now tend to share on such platforms. If the server actually shared the same roof with you, you are most likely to read, check and verify to the best possible extent before doing a boost/retweet/re-blog/share. You would treat it as something you have in your living room, apartment, lawn or backyard.

(Re)Imagine it as your personal notebook or bookshelf. Imagine it as your personal computer. It is your own computer! You wouldn't want it to be infected with every random thing you come across on the road, at school or work. You wouldn't connect devices that you are not certain to be safe. Besides, the space is limited. You are aware of the amount of data you can store.

On the other hand, when you live in a police state or a totalitarian context where free expression is severely undermined and attacked, you feel safe when you are among hundreds of others, untraceable back to your actual self and to where you live. Then, and only then you feel safe enough to express yourself fully. A shared community space can sometimes provide this sense of security as long as its integrity is not compromised. A broad social movement can sustain something of this sort. This might be the most favourable direction one could expect that things will move.

There is a false sense of belonging and safety that Facebook and other corporate social media platforms provide. At the same time, there is a wide range of social processes that find their reflection on these platforms. Actions are discussed and organized; mass protests and uprisings are coordinated on Facebook. Lot of people use them as a creative outlet. Genuine connections are established and developed. There is an independent character to it. Therefore, the above mentioned 'false sense' is intersected with a range of actual processes. This needs to be further clarified.


  1. Your typical social media profile such as Facebook, Twitter, Instagram etc. But the difference in this scenario is that you have your own instance or node, instead of a central 'service provider' hosting it along with all the other users on a centralized platform. This is similar to what you get on the federated social web : your social media profile that you can self-host, such as Mastodon, GNU Social, Pleroma, Friendica or Hubzilla↩︎

රෑ වැඩ මුරය සඳහා Redshift

දැන් ගොඩක් මෙහෙයුම් පද්ධතිවල රාත්‍රී කාලයට පරිගණක, දුරකථන හෝ ටැබ් තිරයේ ආලෝකය ඇහැට සුවදායක විදිහට වෙනස් කිරීමේ පහසුකම් තියෙනවා. ගනූ/ලිනක්ස් භාවිත කරන අයටත් Gnome වැඩතල පරිසරය තුළ නම් පෙරනිමියෙන් ම night light නමින් හැඳින්වෙන සැකසුමක් තියෙනවා. ඒත් මම ගොඩක් වෙලාවට භාවිත කරන්න කැමති LXDE ඩෙස්ක්ටොප් පරිසරය සඳහා මෙවැනි දෙයක් පෙරනිමියෙන් ලැබෙන්නෙ නෑ. ඒ නිසා මේ ගැන හොයලා දැනගෙන ක්‍රියාත්මක කළ විසඳුම තමයි මේ. Redshift කියන මෘදුකාංගය ස්ථාපනය කරගෙන ඒක නිසි පරිදි ක්‍රියාත්මක කරගත්තොත් LXDE තුළත් වඩා සහනදායී 'රාත්‍රී ආලෝකයක්' ලබාගන්න පුළුවන්.

Redshift කරන්නේ සූර්යයාගේ පිහිටීම අනුව වර්ණ උෂ්ණත්වය සකස් කිරීම යි. එමඟින් දිවා හා රාත්‍රී කාලවල පරිගණක තිරය සඳහා එකිනෙකට වෙනස් වර්ණ උෂ්ණත්වයක් නියම කරනවා. උදේ පාන්දරටත් හැන්දෑවටත් ක්‍රමයෙන් මේ උෂ්ණත්වය මාරු වෙනවා. මේ නිසා එක මොහොතින් ඇස්වලට අමාරුවක් දැනෙන විදිහට වෙනස් වෙන්නෙ නැහැ.

මුලින් ම redshift සහ redshift-gtk කියන මෘදුකාංග දෙක ස්ථාපනය කරගන්න. එක්කෝ ටර්මිනලයෙන්:

sudo apt-get install redshift redshift-gtk

නැත්නම් ඔබේ මෙහෙයුම් පද්ධතියෙන් ලැබෙන පැකේජ් මැනේජරයෙන් මේක කරගන්න පුළුවනි.

Redshift මෘදුකාංගය වේලාව පිළිබඳ අදහස ලබාගන්නා ක්‍රම කීපයක් තියෙනවා. එකක් geoclue2 මෘදුකාංගය ඔස්සේ අන්තර්ජාලය හරහා. ඒත් මේ ක්‍රමයට මම කැමති නැහැ. මොකද ඒකෙන් අපි ඉන්නා ස්ථානය වෙනස් පාර්ශ්වයන්ට, සර්වරවලට දැනුම් දෙන නිසා. මේක අතින් (manually) සකස් කරන්න පුළුවනි. ඒ සඳහා සැකසුම් ගොනුවක් (configuration file එකක්) ~/.config/redshift.conf කියන ස්ථානයේ තැන්පත් කරන්න. පහතින් දැක්වෙන්නේ මගේ සැකසුම් ගොනුව. මේක හදාගත්තේ මෙන්න මේ පිටුවේ තියෙන ගොනුව මට ගැලපෙන විදිහට වෙනස් කරගෙන. බලන්න එතන location-provider යටතේ manual හැටියට සඳහන් වෙනවා. ඊට පස්සේ මගේ වේලා කලාපයට ගැලපෙන විදිහට අක්ෂාංශ හා දේශාංශ ඇතුළත් කර තියෙනවා lat=6.927079 සහ lon=79.861244 වශයෙන්. මේ අනුව දිවා සහ රාත්‍රී කාල තීන්දු කරගන්න Redshift සමත් වෙනවා. ඒ වගේ ම temp-day=5700 සහ temp-night=3500 වශයෙන් දිවා සහ රාත්‍රී කාල සඳහා වර්ණ උෂ්ණත්වය නියම කරලයි තියෙන්නේ. ඒක ඇත්තට ම මෘදුකාංගයේ මුලින් තිබුණු අගය ම තමයි. කෙනෙකුට අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි.

; Global settings for redshift
[redshift]
; Set the day and night screen temperatures
temp-day=5700
temp-night=3500

; Enable/Disable a smooth transition between day and night
; 0 will cause a direct change from day to night screen temperature.
; 1 will gradually increase or decrease the screen temperature.
transition=1

; Set the screen brightness. Default is 1.0.
;brightness=0.9
; It is also possible to use different settings for day and night
; since version 1.8.
;brightness-day=0.7
;brightness-night=0.4
; Set the screen gamma (for all colors, or each color channel
; individually)
gamma=0.8
;gamma=0.8:0.7:0.8
; This can also be set individually for day and night since
; version 1.10.
;gamma-day=0.8:0.7:0.8
;gamma-night=0.6

; Set the location-provider: 'geoclue', 'geoclue2', 'manual'
; type 'redshift -l list' to see possible values.
; The location provider settings are in a different section.
location-provider=manual

; Set the adjustment-method: 'randr', 'vidmode'
; type 'redshift -m list' to see all possible values.
; 'randr' is the preferred method, 'vidmode' is an older API.
; but works in some cases when 'randr' does not.
; The adjustment method settings are in a different section.
adjustment-method=randr

; Configuration of the location-provider:
; type 'redshift -l PROVIDER:help' to see the settings.
; ex: 'redshift -l manual:help'
; Keep in mind that longitudes west of Greenwich (e.g. the Americas)
; are negative numbers.
[manual]
lat=6.927079
lon=79.861244

; Configuration of the adjustment-method
; type 'redshift -m METHOD:help' to see the settings.
; ex: 'redshift -m randr:help'
; In this example, randr is configured to adjust screen 1.
; Note that the numbering starts from 0, so this is actually the
; second screen. If this option is not specified, Redshift will try
; to adjust _all_ screens.
[dummy]
screen=0